MACO

Friday, 22 June 2018

සාම්ප්‍රදායික හා නූතන ජන සන්නිවේදන මාධ්‍ය වලට නව මාධ්‍ය අභියෝගයක් ද?


                   අදහස් හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක්  ලෙසට සරල ව සන්නිවේදනය අර්ථ ගැන්විය හැකි අතර පුද්ගලයන් වෙතට මනා ලෙස ගෝචර වන පරිදි සංදේශ ග්‍රාහක ගත කල යුතුය. එසේ වුවහොත් යහපත් සන්නිවේදනයක් සිදුවන අතර, සංජනනීය වශයෙන් ගැටලු උද්ගත නොවේ. මෙසේ පුද්ගලයන් වෙතට තොරතුරු රෙගෙන යාමේ ක්‍රම අතරින් ප්‍රධාන වශයෙන්,

                          01.        සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය
                          02.        නූතන ජනසන්නිවේදනයක් මාධ්‍ය භාවිතය
                          03.        නව මාධ්‍ය භාවිතය
                                                                                   සිදු කරනු ලබයි.
                        
එම ප්‍රධාන වූ කරුණු 03 පිලිබද සවිස්තරාත්මක විහ්‍රහයක් ඉහතින් සදහන් කර ඇත.


                සාම්ප්‍රදායික මාධ්‍ය බොහෝ විට  සමාජයේ සිටින පුද්ගලයන් හා සහ සම්බන්ද ව කටයුතු කරනු ලබයි. උදාහරණයක් ලෙස  සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයක් වන සොකරි නාටකය රග දක්වන විට එය නරඹන්නන් ද  නාට්‍ය වෙත සෘජුව සම්බන්ධ කර ගනු ලබයි. දෙබස් කියන විට එක් එක් අහඹු ස්ථාන වල දී  ප්‍රේක්ශකගාරයෙන් ප්‍රශ්නයක් අසයි. එවිට ප්‍රජාව හා සමීප මාධ්‍යක් ලෙසට මෙය දැක්විය හැකිය. අතීතයේ මෙකී සාම්ප්‍රදායික මාධ්‍ය වැඩි වශයෙන් සන්දේශ ග්‍රාහක ගත කිරීම උදෙසා යොදාගෙන අැත. එහෙත් මෙ මගින් සන්දේශ ග්‍රාහක ගත වුවත්, මේ වන විට අද්‍යතනයේ දී සෑම දෙයක්ම තාක්ශනය හා බැදී පවතින්නා වූ බැවින් සාම්ප්‍රදායික මාධ්‍ය වෙත ප්‍රජාව නැබුරු වීමේ තරමක මන්දගාමි ස්වරූපයක් අැත.

                කාලාන්තරයක් තිස්සේ ප්‍රදානත ම සන්නිවේදන මාධ්‍යක් ලෙසට සාම්ප්‍රදායික මාධ්‍ය ප්‍රබලව භාවිත කල හැකි අතර, ඉන් පසුව සන්දේශය ග්‍රාහක ගත කිරීම සදහා නූතන මාධ්‍ය ලොවට බිහි වන්නට විය. පිලිවෙලින් පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය නූතන මාධ්‍ය ලෙසට ලොවට බිහි වන්නට විය. කඩදාසිය සොයාගත් චීන ජාතික ශායි ලූන් ගේ මුල් අවදියත් සමග එකවර පිටපත් ලබාගත හෑකි මුද්‍රන ශිල්පය ද වර්දනය වන්නට විය. ඉන් පසුව ක්‍රමයෙන් පුවත්පත ලොවට බිහි වන්නට විය. එය ප්‍රදාන වශයෙන් ම ජනසන්නිවේදන මාධ්‍යයකි. ජනසන්නිවේදනය සතුව අැතැම් ලක්ශන වලින් ද මෙය හෙබිවිය. ලිඛිත මාධ්‍යක් වන පුවත්පත තුල එයට ම ආවේනික වූ ග්‍රාහක පිරිසක් අැත. බොහෝ ප්‍රදාන ධාරාවේ පුවත්පත් වල ග්‍රාහක පිරිසක් වෙන ම දැක ගත හැකි අතර, විකල්ප ධාරවේ පුවත්පත් ද පවතී. එ්වායෙහි ග්‍රාහක පිරිස ද එයට ම ආවේනික වේ. මෙකී සෑම පුවත්පතකින් ම සමාජයට ලබා දිය යුතු තොරතුරු ලබා දේ. නමුත් තරමක කාලයක් ගත වේ. මන්ද යත් එය මුද්‍රිත මාධ්‍යයක් වන බැවින් එය මුද්‍රනය කිරීමක් සිදු වන නිසාය.


            ගුවන් විදුලිය ද නූතන මාධ්‍යකි. මෙයින් ද සන්දේශ ග්‍රාහක ගත කිරීම සිදු වේ. රූපවාහිනිය ලොවට ඒමට ප්‍රථම ගුවන් විදුලිය ලොව ජය ගනී. ගුවන් විදුලිය එකල ද ඉතා ජනප්‍රිය මාධ්‍යක් වූ අතර එමගින් සමාජ ගත කරන තොරතුරු ග්‍රහකයන් ද මනා ලෙස ග්‍රහනය කර ගනු අැත. පොදු මට්ටමින් දැනුවත් කල යුතු සන්දේශ  පිලිබද ව තොරතුරු එනිසා මෙමගින් ද ග්‍රාහක ගත කර ඇත. සංවිධානාත්මක අායතන ගත රාමුවක් මත පිහිටා සන්දේශ වගකීමෙන් ගෙන එයි. පුවත්පතට වඩා ඉක්මනින් ගුවන් විදුලිය මගින් තොරතුරු ග්‍රාහක ගත වේ. එනිසා තරමක් කල් යත්ම ගුවන් විදුලිය ලොව ප්‍රභලතම මාධ්‍යක් බවට පත් විය.

               මෙසේ කලයක් ගත වන විට හඩ, චලනය හා රූපය ඈතුලත් රූපවහිනි මාධ්‍ය ලොවට බිහි විය. මෙය පෑමිනි මුල් කාලයේ දී නිවෙස්වල අැතැම් විට පමණක් රූපවහිනි යන්ත්‍ර දැක ගත හැකි විය. නමුත් කල් යත්ම එය ප්‍රභලත ම නූතන ජනසන්නිවේදන මාධ්‍යක් බවට පත් විය. හඩ සහ රූපයද පවතින නිසා ග්‍රාහක ගත කිරීමට අවශ්‍ය වන සන්දේශ මනා ලෙසට ප්‍රේක්ශකයන්ට ගෝචර වනුයේ එය තරමක ආකර්ශනීය බවකින්  යුක්ත වූ නිසාය. ගුවන් විදුලිය ප්‍රදානත ම මාධ්‍ය කරගෙන සිටි ජනයා රූපවාහිනිය පැමිනීමෙන් පසුව ඒ හා වටා රොක් වූයේ එය ද කාර්යක්ශම ව  තොරතුරු  ලබා ගත හැකි මාධ්‍යක් වූ නිසාවෙනි. මේවා නූතන ජනසන්නිවේදන මාධ්‍ය වේ.




            නමුත් 21 සියවස පැමිණෙත් ම ලෝකය තුල යම් ප්‍රභල පෙරලියක් අැති විය. ගෝලීයකරණය සංකල්පය ලොවට පැමිණීමත් සමග මෙම සන්නිවේදන මාධ්‍ය වල හැඩ හුරුව වෙනස් වන්නට විය.  ගෝලීයකරණය වානිජ ලෝකය හා තාක්ශණය මූලික කොට ගෙන බිහි ව ඇත. එනිසා ඒ ආශ්‍රයෙන් ලොව මාධ්‍ය සංස්කෘතිය  තුල නව පෙරලියක් අැති විය. ඒ නව මාධ්‍යන්ගේ බිහි වීමයි. සාම්ප්‍රදායික හා නූතන ජන සන්නිවේදන මාධ්‍යක් හා සසදා බලන කල  නව මාධ්‍ය වර්තමනය වන විට සෑම අයෙක්ම වෙළලාගෙන අැති බව නොරහසකි. නව මාධ්‍යහි අැති තාක්ශණය, ක්ශනික හා ආකර්ශණීය බව නිසාවෙන් සාමාජීය පුද්ගලයන් නිරායාසයෙන් ම මෙම නව මාධ්‍ය වෙතට අැදී යාමක් දක්නට ලැබේ. 

              උදා   :  
        • සමාජයට බල පෑ ප්‍රධානතම දරුණු සිද්ධියක් ලෙසට      සුනාමි ව්‍යසනය දැක්විය හැකිය.  නමුත් මේ පිලිබද      තොරතුරු ග්‍රාහක ගත කිරීමේදී නව මාධ්‍ය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ.  SMS සේවාව ඔස්සේ හා සමාජ ජාල ඔස්සේ වඩාත් සීග්‍රව තොරතුරු ග්‍රාහක ගත විය.


                  මේ ආකාරයට වර්තමානය වන විට බොහෝ දෙනා මෙම නව මාධ්‍ය නතු කරගෙන අැත. චන්ද්‍රිකා තාක්ශනය හා බෑදී අැති මෙම නව මාධ්‍ය මගින් ඉතා ක්ශනික ව තොරතුරු සමාජ  ගත කල හැකිය. නූතන මාධ්‍ය මගින් තොරතුරැ එවෙලේම  ග්‍රාහක ගත කල ද, එය නව මාධ්‍ය තරම් ක්ශනිකව ග්‍රාහක ගත නොවේ. පුද්ගලයන් සෑම විටම ජන සන්නිවේදන මාධ්‍ය වලට වඩා නව මාධ්‍ය අසුරු කරන නිසාවෙනි. පුද්ගලයා වර්තමානය වන විට සෑම විට ම නව මාධ්‍ය අතරින් ජංගම දුරකතනය ප්‍රභලව ම භාවිත කරනු ලබයි. එමෙන්ම  අන්තර්ජාලය තුල ද නිතරම සංචාරය කරයි. එබැවින් නූතන ජන සන්නිවේදනය මාධ්‍ය වෙත පුද්ගලයන්ගේ තිබූ නැඹුරුව තරමක් ඈත් වී අැත. එයට බලපෑ ප්‍රදානත ම හේතුව වනුයේ නව මාධ්‍යයේ ව්‍යාප්තිය වේ. එනිසා මෙම නව මාධ්‍ය සංස්කෘතිය ඍජුවම සාම්ප්‍රදායික හා නූතන ජන සන්නිවේදන මාධ්‍ය වලට අභියෝගයකි.  

                නව මාධ්‍ය සමග දවස ගෙවා දමන පුද්ගලයා එයට වඩාත් අැබ්බහි වී සිටින බව කිව යුතුය. එවිට බොහෝ විට නෑවත සාම්ප්‍රදායක මාධ්‍ය වෙත නැඹුරු වීමක් දක්නට නොලැබේ. සාම්ප්‍රදායික ව තිබූ දේ වර්තමානය වන විට අන්තර්ජාලය තුල අන්තර්ගත කොට අැත. එබෙවින් බොහෝ පුද්ගලයන් සාම්ප්‍රදායක මාධ්‍ය වෙත නොගොස් ඒ තොරතුරු ද ලබා ගැනීමට පුරුදු වී සිටිනුයේ අන්තර්ජාලය හරහා ම ඒවා දෙක බලා ගැනීමටය. නූතන ජනසන්නිවේදන මාධ්‍ය සදහා වර්තමානය වන විට පුද්ගලයා නැබුරුව තරමක් හීන වී ගොස්ය. එයට ද ප්‍රබල වශයෙන් අභියොගයක් එල්ල කර අැත්තේ නව මාධ්‍ය වේ. මන්ද යත්, රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත්පත් මාධ්‍ය මගින් දිනපතා විකාශය කරනු ලබන තොරතුරු ද අන්තර්ජාලය තුල ගැබ් කොට තිබීම නිසා ඒවා ද පරිහරනය කිරීමට නව මාධ්‍ය භාවිත කිරීම සිදු කරයි.

           ප්‍රබල වශයෙන්ම පරිගනකය මගින් පුද්ගලයන් ලෝකය සමග ගනුදෙනු කරනු ලබයි. පරිගනකය මෙන් ම අන්තර්ජාලය හා සහ සම්බන්ධ වන ප්‍රබලතම නව මාධ්‍ය වර්ගය වනුයේ ජංගම දුරකතනයිග අද්‍යතනය වන විට කුඩා දරුවන් පවා මෙම නව මාධ්‍ය සංස්කෘති‍ෙයහි කොටස්රුවන් බවට පත්ව අැත. ක්ශනික බව හා පහසු බව මෙන් ම ඕනම කරුනක් පිලිබදව කරුනු ලබාගත හැකි නිසා වර්තමනය වන විට නව මාධ්‍ය තුල පවතින සමාජ ජාල නිසා ද මෙය වඩාත් ජනප්‍රිය වී අත. සාම්ප්‍රධායික හා නූතන මාධ්‍ය වලින් බොහෝ විට තොරතුරු ගමන් කරනුයේ ඒක පර්ශවීකව ය. එහෙත් නව මාධ්‍ය වල ප්‍රබලතම අංගය වනුයේ එය ද්වීපාර්ශවීය බවකින් යුක්ත වීමයි. මන්දයත් න් ප්‍රතිපෝශණයක් ලබා දෙයි.

             උදා :  YOU TUBE වෙතට යොදනු ලැබූ වීඩියෝවක්                                        නැරඹීමෙන් පසුව ඒ පිලිබද ව අදහස් දැක්වීමක් සිදු වේ.

             මෙය නව මාධ්‍යන්ගේ පවතින තවත් එක් ආකර්ශනීය අංගයකි. එබවින් නව මාධ්‍ය තව තවත් සාම්ප්‍රදායික හා නව මාධ්‍යන්ට අභියෝගයක් එල්ල කරනු ලබයි. ෙගා්ලීයකරනය නිසා ලෝකය විශ්ව ගම්මනයක් බවට මුලින්ම පත් විය. තරමක කාලයක් ගත වන විට එය විශ්ව පවුලක් බවට පත් විය. වර්තමානය වන විට එය විශ්ව ආලින්දය යන තරමට ම පුද්ගලයන්ට සමීප වී අැත. මෙකී ගා්ලීයකරනයත් සමග නව මාධ්‍ය වඩාත් සමාජය තුල ව්‍යාප්ත විය.  

            වර්තමානය වන විට සමාජ ජාල වෙබ් අඩවි භාවිත වීම නිසා තව තවත් නව මාධ්‍ය සමාජය තුල ප්‍රබල වී අැත. FACEBOOK වර්තමානය වන විට සියලුම දෙනා ම භාවිත කරන සමාජ ජාල වෙබ් අඩවියකි.  මෙමගින් යහපත්, අයහපත් අාදී සෑම කරුණක් ගැන ම තොරතුරු සංසරණය වන නමුත් මෙය වඩාත් ප්‍රබලත ම මාධ්‍යක් බවට පත් ව අැත. මීට අමතරව ජංගම දුරකතනය හා සම්බන්ද ව පවතින Viber, Whatsapp, IMO, Skype, Messenger, Telegram, We Chat වැනි වූ සමාජ ජාල නිසා පුද්ගලයන් තව තවත් නව මාධ්‍ය ගත කරගෙන අැත. ඒවා මගින් ලැබෙන තොරතුරු සියල්ලම යහපත් ද, නත. ඒවා මගින් ලැබෙන තොරතුරු සියල්ලම යහපත් ද නැත. සංෙද්ශ  කුමන අයුරකින් ලැබුන ද, එය සංජානනය කිරීම වැදගත් වේ. 

         අතීතයේ බොහෝ විට සාම්ප්‍රදායික මාධ්‍ය හා නූතන මාධ්‍ය වටා එක් රොක් වී සිටි ජනයා වර්තමානයේ දී ඒය තරමක් බැහර ව නව මාධ්‍ය වෙත ගමන් කර අත්තේ එහි අැති පහසුව හා ආකර්ශනීය නිසාවෙනි.

                 උදා :  රූපවාහිනියේ සවස 5.30 ට විකාශය වූ වැඩසටහනක්                              පුද්ගලයෙකුට බැලීමට මග හැරී අැත. නමුත් ඔහුට එය                             නැරබීමට අත්‍යවශ්‍ය විය. එනිසා ඔවුහු නිසකව ම                                    මාධ්‍ය භාවිත  කරයි. රූපවාහිනිය තුල පවා විකශනය                              වන සියල්ල වර්තමානය තුල දී අන්තර්ජාලයට සම්බන්ද                          කර අැති නිසා තමාට මග හරින වැඩසටහන ඔහු                                        නව මාධ්‍ය මගින් බලා ගනී.

             ඉහත සදහන් මගින් ද පෙනී යන්නේ පුද්ගලයන්ගේ ආකර්ශනය දිනා ගත හැකි ප්‍රබලතම මාධ්‍යක් වශයෙන් වර්තමානයේ නව මාධ්‍ය ප්‍රබල වී අැති බවයි. ඒ සදහා දැක්විය හැකි කරුනු බොහෝමයක්ම ඉහත සදහන් පරිදි  දැක්විය හැකි බවද කිව යුතුය. 


  කෙසේ වුවද අවසාන වශයෙන් පැවසිය හැකි වන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය හා නූතන මාධ්‍ය මගින් තොරතුරු ග්‍රාහක ගත කරනු ලැබුව ද, වර්තමානය වන විට ලොව පුරා පවතින්නා වූ නව මාධ්‍ය සංස්කෘතිය වඩා ප්‍රබල වී අැති බවයි. එකී ප්‍රබලත්වය නිසා නව මාධ්‍ය සංස්කෘතියසාම්ප්‍රදායික හා නූතන ජන සන්නිවේදන මාධ්‍යන්ට ප්‍රබල  අභියෝගයක් වී අැති බවයි.


පී.වන්දනා යසාංගි ඩයස්
මුද්‍රිත මාධ්‍ය I පැවරුම
HS/2015/0181

Sunday, 3 June 2018

කැමරා කාචයෙන් දකින සුන්දරත්වය


සොයුරු පෙම




Camera Model   -   Samsung 
                                SM - J710F




බන්ධනය





Camera Model  -  Sony 
                             ILCE - 6300
F Number         -  F8
ISO                   -  200
Shutter              -  1/80



අවසර නැත





Camera Model  -  Nikon 
                             D 5100
F Number         -   F9
ISO                   -  100
Shutter              -  1/80





ඔබ එනතුරා



Camera Model  -  Sony 
                              ILCE - 6300
F Number         -   F5.6
ISO                   -   250
Shutter              -  1/200





                             පිය සටහන්                                                     

Camera Model  -  Sony 
                              DSC - W800
F Number         -   F4.5
ISO                   -   400
Shutter              -  1/125