MACO

Friday, 13 July 2018

බලි ශාන්තිකර්මය

         
                "බලි" යනු සිංහලයෙහි සේ ම සංස්කෘත, පාලි හා ප්‍රකෘත යන භාෂා වල ද එක ම අරුත් සදහා යොදන වචනයක් ලෙස මේ සම්බන්ධ ව වඩාත් වැදගත් ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කර ඇති මහාචාර්ය විනී විතාරණ දක්වයි. දේව යක්ෂාදීන්ට දෙනු ලබන පිදෙන්න, යාඥය සහ ශාන්තිකර්මය වටහා ගැනීමේ දී ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය "බලි" යන වචනයට අර්ථ කිහිපයක් ම සපයා ඇත.

1.     දේව යක්ෂාදීන්ට දෙන පිදේනි
2.     බිල්ල, භූත යාගය
3.     ග්‍රහ අපල දුරු වීම් ආදිය සදහා  කරන  ශාන්තිකර්මයක්,  එම   ශාන්තිකර්මය සදහා          අඹන රූපය
4.     බලි නැමැති අසුර රාජයෙකු ගැන ද කියවේ.
5.     බලි ඇදුරු, බලි ඇරීම්, බලි කර්මාන්ත, බලි ක්‍රියා, බලි තිබීම් ලෙස පර්යාය වචන                    පවතී.
6.     විශේෂයෙන් එහි එන "බලි කූඩම්" යනු ජයවර්ධන කොා්ට්ටයේ  මාලිගාවේ                            "බලිබෙත් බලි කූඩම් වැඩ සිටි" යන හැදින්වීමෙන් දක්වා ඇත්තේ   බලි                                    ශාන්තිකර්මය  පවත්වන ස්ථානයක් ලෙසිනි.

  • බලිය                 
මැටි රූපය, පොල්පිති, පොල්ලෙලි ආදිය ඇතුළට යොදා මැටියෙන් සාදා අලංකාර ලෙස පිංතාරු කර ඇති රූපය, මෙවැනි රූපයක් සාදා ගෙන ග්‍රහයන්ගෙන් වන අපල දුරු කර ගැනීම සදහා ද ආතුරයා ඉදිරියෙන් තබා පවත්වන යාගය, නව ග්‍රහයන්ගෙන් වන සෑම අපලයක් සදහාමත් නියම කල බලියත්වේ. බොහෝ විට මෙම යාග වලදී කෙරෙන්නේ කවි හා සෙත් කියමන් වලින් යුත් ගායනා රාශියක් ගැයීමයි.

  • බලි අඹනවා         
බලි ශාන්තිකර්මය සදහා නියමිත බලි රූප අඹනවා. ආතුරයා ඉදිරියෙන් තබා නැටීම සදහා මෙසේ බලි රූප ඇඹීම (සෑදීම) බලි ශාන්තිකර්මය හි නියමිත විධියකි. 

  • බලි අරිනවා         
බලි යාග පවත්වනවා. ග්‍රහයන්ගෙන්  සිදු වෙතැයි සැලකෙන රෝග පීඩා, අපල උපද්‍රව සදහා බලි ශාන්තිකර්ම පවත්වනු ලබයි.  

  • බලි ඇදුරා            
බලි යාග පවත්වන බලි ආචාර්යවරයා, බලි  තොවිල්කාරයා

  • බලි කංකාරිය      
බලි තොවිලය, බලි ශාන්තිකර්මය

  • බලි තොවිල්         

ත්‍රිවිධාකාර ශාන්තිකර්ම වලින් 1ක නාමය නවග්‍රහයන්ගෙන් සිදු වෙතැයි සැලකෙන අපල උපද්‍රව දුරු  කර ගැනීමට පවත්වනු ලබන ශාන්තිකර්ම

  • බලි පිදේනි          
යක්ෂ, භූත, දේව ආදී භූතාත්මයන්ට කරන පූජාව

  • බලි බත් කන්නා  

අතෝරකාරයා, අහවර කරන්නා

  • බලි බද්දා            

දේව පූජා ආදියට බැදී කටයුතු කරන්නා, දෙවියන්ට ආවතේව කරන කුලයට අයත් නැමැත්තා

  • බලි ශාන්තිකර්මය

ග්‍රහ අපල දුරු කිරීම පිණිස පවත්වන ශාන්තිකර්ම විශේෂය පොදු වේ උඩරට, පහතරට සහ සබරගමු යන සම්ප්‍රධායන් 3 තුල ම මෙය විකාශනය වී ඇති ශාන්තිකර්මයකි. 


                බලිය යනු මෙහි දී අප හදුනා ගන්නේ යාගය,   ශාන්තිකර්මය,  යාඥය අභිචාර විධිය, යන අර්ථයෙන් මානව සුබ සාධනය අරමුණු කර ගත් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයින්ගෙන් සිදු වෙතැයි විශ්වාස කරනු ලබන අපල උපද්‍රව වලින් අත් මිදීම සදහා බලි ඇදුරා විසින් ආතුරයා විෂයෙහි පවත්වනු ලබන යම් බදු සන්නිවේදන මාධ්‍යයක් වශයෙනි.



            බවුද්ධ පාලි සාහිත්‍යෙය් හා වෛදික සාහිත්‍යෙය් "බලි" යන පදය පූජාර්ථයෙන් ව්‍යවහාර වී තිබේ. බද්ද යන අර්ථයක් ද මෙහි අන්තර්ගත වී තිබේ. ගණ්ඩ තීන්දු ජාතක කතාවේ බලි පිලිකා රට්ඨාවාසිනෝ යනුවෙන් යොදා ඇත්තේ රජු වෙනුවෙන් අය කල බද්ධයි. 



            තමන් උපයා ගත් දෙයින් ඥාතීන්ටත්, ආගන්තුකයින්ටත්, මළගිය අයටත්, රජුන්ටත්, දේවතාවුන්ටත් කරන බලි පූජාවේ අනුහසින් හොදින් ජීවත් විය හැකි බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඒ අනුව අංගුත්තර නිකායේ පංච බලි යනුවෙන් "බලි" වර්ගීකරණයක් දක්වා ඇත. එනම්,


                01.  ඥාති බලි  -   නෑයින් සදහා දෙන පිදවිලි
                02.  අථිති බලි  -   ආගන්තුකයින්ට දෙන පිදවිලි
                03.  ප්‍රේත බලි  -   මලගිය අයට දෙන පිදවිලි
                04.  රාජ බලි    -   රජවරුන්ට දෙන පිදවිලි
                05.  දේව බලි   -  දෙවියන්ට දෙන පිදවිලි

            මැටියෙන් අඹන ලද රූප සදහා ද "බලි" යන නාමය ව්‍යවහාර කරනු ලබයි. එමෙන් ම රෙදි කඩක අදිනු ලැබූ රූප සදහා ද "බලි" යන නාමය භාවිතා කරනු ලබයි. බලි රූප ආවරණය කර ඇති කඩතිරය ඉවත් කිරීම බලි ඇරීම ලෙසට හදුන්වනු ලබයි.

           මේ අනුව බලි යන නාමය පූජාර්ථයෙන් දක්වන බවට පැහැදිලි ය. නර්ථන විෂය තුළ ද, සන්නිවේදන විෂය තුළ "බලි" යන්න හදුන්වනු ලැබූ අතර ඒ සදහා විශේෂිත වූ අර්ථකථනයන් බවුද්ධ සාහිත්‍යය තුළ ද දැකිය හැකි වන බව කිව යුතුම ය.


2 comments: