"වන්දේව වන්දාමි - වන්දේව වන්දිතං
ත්‍රෛලෝක්‍ය තිලක්යික - පා පියුම් වන්දිතං
වයනකර වන්දිතං - නයන සුගතංගතං
දෙවි බඹුන් මුදුනතින් - සරණ සුගතංගතං
ක්රතක තක හුරු අතින් - දෙගුරු අපි වන්දිතං
ක්රතක තක වදිමි මං නමෝ නමාමි වන්දිතං "
අප බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කෙරෙන ගායනා හා පද විශේෂයක් වශයෙන් "වන්දමානම්" හැදින්විය හැක. වෙහෙර විහාරවල තුන්යම රැය තුළ බුදුන් වහන්සේගේ මහත් වූ ගුණ සමුදාය ගායනා වලට හා පද වලට නගමින් එම පද ගායනා කොට බෙරයෙන් වයන අවස්ථා ද දක්නට ඇත. ඒවා ඇතැම් ඇදුරන් හා යක්දෙස්සන් විසින් පද කොටස් පාගන අවස්ථා ද (නටන) ඇතැම් විට දක්නට ලැබේ. අද බොහෝ දුරට වන්දමානම් හෙවත් වැදුම් පද අභාවයට යමින් පවතී. ඉන් එක් වන්දමානමක් ඉහත පරිදි දැක්විය හැකිය.
එම වැදුම් අතර තිබෙන විශේෂත්වය නම් එම පද කොටස් නටන අවස්ථාවේ බුදුන් වහන්සේ දෙසට පිටු නොපා එම පද ඇල්ලීම හෙවත් වැදුම් අත නැටීම කල යුතු වේ. පාද වලින් පෑගෙන මෙම සරඹ කොටස් දකුණට පෑගෙන විට දකුණු අතින් ද, වමට පෑගෙන විට වම් අතින් ද එහෙ මෙහෙ අත තනි අතින් නමස්කාර කොට පද කොටස් අවසානයේ දී අත් දෙක එක් කොට නමස්කාර කිරීම මෙම වන්දමාන සම්ප්‍රධායේ සිරිතක් වශයෙන් හදුන්වා දිය හැකිය.
Sampradaika kalawan pilibada mewani lipi agee kota salakami
ReplyDelete🤚
ReplyDeleteGood
ReplyDeleteEla ela
ReplyDelete