සිනමාව යනු සාමූහික ප්‍රකාශන මාධ්‍යයකි. චිත්‍රපටය, සිනමාව, චලන චිත්‍රය හෝ මූවි යන වචන වලින් හැදින්වෙන මාධ්‍යෙය් ඓතිහාසික වර්ධනය පිළිබද කෙරෙන විස්තරය චිත්‍රපට ඉතිහාසය තුළ අන්තර්ගත වේ. චිත්‍රපට ඉතිහාසය යනු 19 වන ශතවර්ෂයේ අගභාගයේ සිට වර්තමානය දක්වා වසර 100 කට අධික කාලයක් පුරා විහි දී යන්නකි. 20 වන හා 21 වන ශතවර්ෂ තුළ ජනමාධ්‍ය තුළින් සන්නිවේදනය සහ විනෝදාස්වාදය ඇතුළත් ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් ලෙස සිනමාව හැදින්විය හැකි ය. මෙහි පදනම වනුයේ දෘෂ්ටියේ අඛණ්ඩතාවයයි.
ලාංකේය සිනමාවේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1925 දී නූර්බායි විසින් නිපදවනු ලැබූ රාජකීය වික්‍රමය යි. මෙහි එන්.එම්.පෙරේරා ප්‍රධාන නළුවා වන අතර ප්‍රධාන නිලිය වූයේ සිබිල් ෆීට් වේ. ඉන්පසුව සිංහල සිනමාවේ ආරම්භය ලෙස සලකනුයේ එස්.එම්.නායගම් විසින් 1947 දී නිෂ්පාදනය කල කඩවුණු පොරොන්දුවයි. පසුව 1956 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් රේඛාව නිෂ්පාදනය කරනු ලැබුයේ එය ප්‍රථම එලිමහන් චිත්‍රපටය ලෙසිනි.
70 දශකය ලාංකේය සිනමාව තුළ නොමැකෙන මතක සටහන් ලෙස නිර්රාමාණ රාශියක් බිහි වූ කාල වකවානුවකි.
මෙම දශකය තුළ බිහි වූ නිර්මාණ කිහිපයක් ලෙස පහත නිර්මාණ දැක ගත හැකි ය.
ලෙස්ටර් ජේම්ස් පීරිස්
අක්කර පහ
මඩොල් දූව
චණ්ඩියා
නිධානය
ඩී.බී.නිහාල්සිංහ
වැලිකතර
ධර්මසේන පතිරාජ
වලුමත්වූවෝ
නිම් වළල්ල
වෙස් ගත්තෝ
පලගැටියෝ
වසන්ත ඔබේසේකර
අහස්ගව්ව
එයා දැන් ලොකු ළමයෙක්
එච්.ඩී.ප්‍රේමරත්න
සිකුරුලියා
අපේක්ෂා
මංගල තෑග්ග
ආදර හසුන
ටයිටස් තොටවත්ත
හදයා
හාර ලක්ෂය
විජය ධර්ම ශ්‍රී
දුහුලු මලක්
සිරිල් වික්‍රමගේ
සිහින ලොවක්
70 දශකයේ සිංහල සිනමාවේ සීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි වු කාලයක් වන අතර රටේ පැවති යම් යම් බාධක හා සමාජ දේශපාලනමය අර්බුද නිසා 80 දශකයේ අගභාගය වන විට මෙරට සිංහල සිනමාව සීඝ්‍ර ලෙස කඩා වැටීමකට ලක් විය.මෙම කාල වකවානුවේ බිහි වූ බොහෝ නිර්මාණ තුළ එකී සමාජයේ දැවෙන ගැටලු මෙන් ම දේශපාලන කටයුතු ද ගැබ් කොට තිබූ බව නොරහසකි. එයට ගත හැකි කදිම නිදර්ශන කිහිපයක් පහත සදහන් පරිදි විස්තර කල හැකිය.
70 දශකයේ නිර්මාණය වූ විශිෂ්ටත ම නිර්මාණයක් ලෙසට ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය (1972) ගත හැකි ය. මෙහි ගාමිණී ෆොන්සේකා විලී හාමුගේ චරිතය නිරූපණය කල අතර මාලිනී ෆොන්සේකා අයිරින්ගේ චරිතයට පණ පෙවී ය. ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීත අධ්‍යක්ෂනය ද සිදු කරන්නට විය. සිංහල සිනමා වංශ කතාවේ හොද ම කැමරාකරණය වූ මෙහි කැමරා ශිල්පියා වූයේ එම්.එස්.ආනන්දන් වේ. ජී.බී.සේනානයකයන්ගේ පලිගැනීම ග්‍රන්ථය ආශ්‍රය කොට ගෙන ඇත. මෙහි එළිහන් රූගත කිරීම් සිදු කරනු ලැබුවේ රන්ගිරි දඹුලු විහාරයේ දී ය. මෙම චිත්‍රපටය පුරාවට ම විලී නැමැති ධනපතික චරිතය හමුවේ ඔහුගේ අවශ්‍යතා සපුරා ගැනීමට අයිරින් නැමැති නිර්ධන පාන්තික ස්ත්‍රීය භාවිතා කිරීම පෙන්නුම් කරනු ලබයි. මෙමගින් ධනපති පංතිය හමුවේ නිර්ධන පාන්තිකයන් මුහුණ දෙනු ලබන ගැටලු යන සමාජ ගැටලුව විවරණය කරනු ලබයි. පංති ව්ශමතාවය සහ ධනය බෙදී යාමේ අස්ථාවරත්වය නිසා මෙය වඩා විග්‍රහ කල හැකි ය.
- ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් - - නිධානය -
එලෙසට ම
1974 දී
ධර්මසේන පතිරාජයාණන් විසින් නිර්මාණඛය කල
අහස් ගව්ව සිනමා නිර්මාණය ද වැදගත් නිර්මාණයකි. විමල් කුමාර ද කොස්තා, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලව ආරච්චි මෙහි රංගන ආයකත්වය දැක් වූවන්නන් විය. මෙරට දේශපාලනික සිනමාවේ ආරම්භය ද සිදු වූයේ මෙම අහස්ගව්ව චිත්‍රපටයෙනි. එමෙන් ම වම් ඉවුරේ සිනමාවේ ආරම්භය ද සිදු විය. මෙහි ප්‍රධාන සමාජ ගැටලුවක් වන තරැණ රැකියා විරැකියාව, තරැණ අසහනය, තරැණ පීඩනය ආදී වැන්නවුන් පිළිබද සාකච්ඡා කරයි. උපාධිධාරී තරැණයනි පිරිසක් සැමදාම ගැසට් පත්‍රය බැලීමත් හා අවසානයේ ඔවුන්ට නගර සභාවේ කුණු ට්‍රැක්ටරය එලවීමට සිදු වීමත් ප්‍රදර්ශනය කරයි. එමගින් එවකට මෙරට පැවති දේශපාලන අවුල් වියවුල් හා ස්ථාවර දේශපාලනයක් පවතීනම් විරැකියාව තුරන් වේ යන අදහස ද නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය අවසන් වනුයේ ලෙපාලියක දර්ශනයකිනි. 71 දී සිදු වූ කැරැල්ල මගින් ඇති වූ ජාති වාදී කෝලාහල, කර්මාන්තශාලා ගිනි තැබම වැනි දේශපාලනික අස්ථාවරත්වය පිළිබද මෙහි ඉතා හොදින් සාකච්ඡා වන බව කිව යුතු ය.

- අහස්ගව්ව -
- ධර්මසේන පතිරාජ -
නිධානය සහ අහස්ගව්ව යන සිනමා නිර්මාණ මෙන් ම තවත් වැදගත් නිර්මාණයක් ලෙස
ධර්මසේන පතිරාජයන් 1978 දී නිර්මාණය කල
බඹරු ඇවිත් චිත්‍රපටය දැකිව්ය හැකි ය. මෙම චිත්‍රපටයේ බේබිහාමු මහත්තයාගේ චරිතය නිරූපණය කරනු ලැබුවේ විජය කුමාරතුංග විසිනි. ප්‍රධාන නිලියගේ චරිතය නිරූපණය කරනු ලැබුවේ මාලිනී ෆොන්සේකා විසිනි. හොදම ගීතමය ජවනිකා සහිත චිත්‍රපටය ද මෙය වන අතර එහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රේමසිරි කේමදාසයානන් වේ. මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙන්නේ මාක්ස්වාදී රාමුවකි. එලෙසට ම නිර්ධන පාන්තිකයන් ගේ ධනය ධනපතීන් අයුතු ලෙස සූරාගෙන කෑම හොදින් නිරෑපනය කොට ඇත. මුහුදු ගිහින් අල්ලන් එන මාළු අස්වැන්නෙන් කොටසක් ධනපතීන්ට ලබා දීම අනිවාර්ය වේ. එමෙන් ම ලිංගික සූරා කෑම යන ගැටලුව ද මෙහි හෙලන්ගේ චරිතය මගින් නිරූපනය වේ. එමෙන් ම මුලදී ඉතා සාමකාමී ව තිබූ වෙරළ තීරය පසු ව ඇන්ටන්, වීරේ වැනි චරිත පැමිණිම නිසා නොසන්සුන් වේ. අවසානයේ මිනීමැරුම් තුනක් ද සිදු වේ. පංති විෂමතාවය පිළිබද බොහෝ විට මෙමගින් කතා කරනු ලැබේ. එමෙන් ම කැස්බෑ මරණ දර්ශනය මුවමනින් ම වාරණය කර ඇත. නමුත් එකල ධනපති සමාජය තුළ මෙය භාවිතා විය. මේ ආදී බොහෝ සාමාජීය හා දේශපාලනමය කරැණු කාරණා මෙම චිත්‍රපටය ආශ්‍රෙයන් නිරෑපණය වී ඇති බව නිව යුතු ය. එකල සමාජය තේමා කොට ගෙන නිර්මාණය වී ඇති බව ද දැකගත හැකි ය. දේශපාලන සිනමාවේ ස්ථාවරත්වය බඹරු ඇවිත් චිත්‍රපටය මත නිර්මාණය වී ඇති බව කිය හැකි ය.

මේ අයුරින් බලන කල 70 දශකයේ ලාංකේය සිනමාව සමාජය තුළ වැදගත් මෙහෙවරක් ඉටු කර ඇති බව කිව හැකි අතර එමගින් එකල මෙරට පැවති සමාජ හා දේශපාලනමය ගැටලු පිලිබද ව ලෝකය හමුවේ සාකච්ඡාවට ලක් කර ඇති බව එම කාලය තුළ නිර්මාණය වූ සිනමා නිර්මාණ දෙස බලන කල මැනවින් පෙනී යයි.
පී.වන්දනා යසාංගි ඩයස්
මුද්‍රිත මාධ්‍ය I පැවරුම
HS/2015/0181