MACO

Monday, 20 August 2018

කාන්තාව සහ ශ්‍රී ලංකා විවාහ නීතිය

ශ්‍රී ලංකාවේ නීතිය තුළ ඇති විවාහා නීතිය ඉතා ප්‍රබල මෙන් ම වැදගත් නීතියකි. එකී විවාහ නීතිය අප රට තුළ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ගීකරණය කර දැක්විය හැකි ය. එනම්, 

01. සාමාන්‍ය නීතිය හෙවත් පහතරට නීතිය
02. උඩරට නීතිය
03. මුස්ලිම් නීතිය

වශයෙනි.


විවාහය යනු පිරිමි පාර්ශවයේ කෙනෙකු හා ගැහැණු පාර්ශවයේ අයෙකු  එකිනෙකා සහ සම්බන්ධ වීමයි. මිනිස් සත්ත්වයෙකුගේ ජීවිතයේ වැදගත්ව හා තීරණාත්මක සංධිස්ථානයක් වශයෙන් මෙය දැක්විය හැකි ය. එවන් වූ විශේෂ හැරවුම් ලක්ෂයක පවතින විවාහය තුළ ඉතා වැදගත් ස්ථානයක් ගැහැණිය විසින් හිමි කර ගනු ලබයි. විවාහයත් සමග විවාහයට පත් වන දෙපාර්ශවයට ම විශේෂ වගකීමක් හා අයිතිවාසිකමක් ඇති වේ. ශ්‍රී ලංකාවේ පවතින විවාහ නීතිය යටතේ කාන්තාවට ඇති අයිතිවාසිකම් පිළිබද මෙහි දී සාකච්ඡා කෙරේ.අප රට තුළ කාන්තාවකගේ අයිතිවාසිකම් වැඩි වශයෙන් ම ආරක්ෂා වන්නේ සාමාන්‍ය නීතියෙන් වේ. උඩරට නීතියෙන් හා මුස්ලිම් නීතියෙන් කාන්තාවන්ගේ ස්වාධීනත්වය හා ආරක්ෂාවට වැඩි රැකවරණයක් අත් නොවේ. එය සැබැවින් ම කනගාටුවට හේතුවක් වේ.

සාමාන්‍ය නීතියෙන් විවාහයට යටත් වන පුද්ගලයින් කොටසට  පහතරට වාසිකත්වය  ඇති පුද්ගලයින්, යාපනයේ  වාසිකත්වය ඇති පුද්ගලයින්, හින්දු භක්තිකයින් සහ ක්‍රිස්තියානි භක්තිකයින් විශේෂයෙන් ම අයත් වන අතර උඩරට විවාහයට යටත් විය හැක්කේ උඩරට වාසිකත්වය හිමි පුද්ගලයින්ට පමණක් වේ. මුස්ලිම් විවාහයට ඇතුළත් විය හැකි පුද්ගලයින් වන්නේ ඉස්ලාම් ධර්මය වැලදගත් පුද්ගලයින්ට පමණක් වීම විශේෂත්වයකි.

සාමාන්‍ය නීතියේ දී කාන්තාවන් විවාහ ගිවිසගත් කල එකී කාන්තාවට නීතියෙන් විශාල පිලිසරණක් හිමි වන අතර කාන්තාව විවාහ සහතිකයට අත්සන් තබා තමාගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, රැකවරණය, නීතිය ඉදිරියේ දී ආරක්ෂා කර ගන්නා අතර එම විවාහය අවලංගු කිරීම ද සිදු වන්නේ දිසා අධිකරණයක් මගින් ලබා දෙනු ලබන දික්කසාද තීන්දුවක් මගින් ම වේ. 

උඩරට විවාහයක් ලියා පදිංචි කර ඉන් පසු එම විවාහය දික්කසාද කිරීමට අවශ්‍ය වුවහොත් එම අවලංගු කිරීම පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමාට අවුරුද්දක් දෙදෙනා වෙන් වී සිටි බවට කරුණු කාරණා ඉදිරිපත් කොට ඉන් අනතුරු ව දික්කසාදය ලබා ගත හැකි ය. මෙයින් කාන්තාවගේ ආරක්ෂාවට සහ රැකවරණයට නීතියෙන් නිසි ආරක්ෂාවක් නොලැබී ඇත.

මුස්ලිම් නීතියේ දී කාන්තාව විවාහ සහතිකයට තම අත්සනක්වත් යොදන්නේ නැත. ඉන් කාන්තාවන්ට ඇති වී ඇත්තේ ඉතාමත් අල්ප අයිතිවාසිකමක් පමණි. සහෝදරියක්, බිරිදක්, මවක් වන කාන්තාව රටේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් දක්වනු ලබන අතර කාන්තාවගේ විවාහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දී විශාල මෙහෙවරක් සිදු වන්නේ සාමාන්‍ය විවාහ නීතියෙන් මිස අනිකුත් විවාහ වලින් නොවේ. 

මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන විවාහ නීතිය මගින් කාන්තාවට හිමි වන ස්ථානය සහ හිමි වී ඇති ස්ථානය මේ මගින් නිරූපණය වන බව කිව යුතුය.





පී.වන්දනා යසාංගි ඩයස්
මුද්‍රිත මාධ්‍ය I පැවරුම

HS/2015/0181

7 comments: