MACO

Monday, 9 July 2018

.....අම්මා.....


පාලු හුදෙකලා රාත්‍රියේ 
මගේ අහස් ගැබට පෑයූ
සොමි සද නුඹ.....

කර්කශ පොළොවට 
මහා වැසි වැස්ස වූ 
මේඝ වලාව නුඹ.....

ඉරි තලා ගිය පොළොවේ 
මහා අතු විහිද වූ 
මහා නුග රුක නුඹ.....

මංමුලා වූ මගේ සිතට 
පෑයූ ඒ තාරකාව
පහන් තරුව නුඹ.....

අකුරු අමුණන ජීවිතයේ 
මුලකුර වූ
"අ" අකුර නුඹ.....

විරූපී ලෝකය තුල 
සුරූපී කර දුන් ජීවිතය 
මගේ *අම්මාය* නුඹ.....


                                                                 

                                                                                    - භාගී -

11 comments: